Press "Enter" to skip to content

කොළඹ දිස්ත්‍රික්කයේ නිරෝධායනයේ යෙදී සිටින පවුල් සඳහා රුපියල් දස දහසක් (10000.00) වටිනා අහාර මල්ලක්


කොරෝනා රෝගය වැළදුනු පුද්ගලයින්ගේ පළමු හා දෙවන ආශ්‍රිතයින් වීම හේතුවෙන් තම නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ කෙසෙල්වත්ත, ගුණසිංහපුර, ඩයස් පෙදෙයේ මහල් නිවාසවලට රජය විසින් බෙදා දෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග බෙදාදීම ඊයේ ( 2020 නොවැම්බර් 01) කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ හා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා.

මෙම වැඩසටහනේම තවත් එක් වැඩසටහනක් කොළඹ දිස්ත්‍රික් ලේකම් / දිසාපති ප්‍රදීප් යසරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැල්තර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසමේ දී ක්‍රියාත්මක වූවා.

එසේම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ දිසාව තුළ සංචරණය සීමා කිරීම සදහා ස්ථාපිත පොලිස් මාර්ග බාධකවල රාජකාරී නියුතු පොලිස් නිලධාරීන් සදහා ප්‍රඡා පොලිස් කොට්ඨාසයේ මැදිහත්වීමෙන් සිදු කෙරෙන කෙටි ආහාර පාර්සල් බෙදා දීමක් ද සිදු කෙරුණු අතර මෙම අවස්ථාව සඳහා කොළඹ ප්‍රාදේශීය ලේකම් කාංචනා ගුණවර්ධන මහත්මිය සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරී පිරිසක් ද සහභාගී වූවා.

මීට අමතර කොලොන්නාව, මහරගම, මොරටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හිද පළතුරු හා වියලි ආහාර ද්‍රව්‍ය ඇතුලත් මලු ලබා දීමේ වැඩසටහන්ද ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

Be First to Comment

Leave a Reply